Excise Department of Sri Lanka - සාමාන්‍ය පහසුකම්

inner banner new 2019

ලංකා සුරාබදු විද්‍යාලය පුහුණු හා අධ්‍යයන කාර්යයන් සදහා අතිශය උචිත වූ හරිතවත් සුවදායී නිසල පරිසරයක පිහිටා ඇත.

පුහුණුවීම් සඳහා පැමිණෙන සියලුම පුහුණුලාභීන් හා සම්පත් දායකයින් වෙත වඩාත් ප්‍රශස්ත මට්ටමේ පහසුකම් සපයමින්, දෙපාර්තමේන්තුවේ මානව සම්පතෙහි ඵලදායීතාව හා කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඇවැසි ස්වකීය ධාරිතාව හා ශක්‍යතාව ක්‍රමානුකූලව වර්ධනය කරගනිමින්, නවීන තාක්ෂණය හා බද්ධ වෙමින්, නව්‍යකරණයෙන් යුතුව ක්‍රියාත්මක වන සාඩම්බර ආයතනයක් ලෙස ශ්‍රී ලංකා සුරාබදු විද්‍යාලය හැඳින්විය හැකිය.

1. නේවාසික පහසුකම්

සියලු පහසුකම් සහිත නව තෙමහල් නේවාසිකාගාරයෙහි පුහුණුලාභීන් 39 දෙනෙකුට පහසුවෙන්ම පූර්ණ නේවාසිකව පුහුණුව ලැබිය හැකි වන අතර, සාමාන්‍ය පහසුකම් සහිත පැරණි නේවාසිකාගාරය 50 දෙනෙකුට නේවාසිකව පුහුණුව සදහා භාවිත කළ හැකිය

hostel1
hostel2

2. දේශන ශාලා පහසුකම්

විද්‍යාලයීය නව ශ්‍රවණාගාරයෙහි පුහුණු ලාභීන් 60 දෙනෙකුට පූර්ණ පහසුකම් සහිතව දේශන කටයුතු සිදුකිරීමේ හැකියාව ඇති අතර පැරණි දේශනාගාරයෙහි 90 දෙනෙකු සඳහා දේශන ශාලා පහසුකම් සකසා ඇත.

Lecture1
Lecture2

3. භෝජනාගාර පහසුකම්

සාමාන්‍ය භෝජනාගාරයෙහි පුහුණු ලාභීන් 50 දෙනෙකුට එකවර ආහාර ගැනීමේ පහසුකම් ඇති අතර නිලධාරී භෝජනාගාරයෙහි නිලධාරීන් 12 දෙනෙකුට ආහාර ගැනීමේ පහසුකම් ඇත.

mess1
mess2

4. නිලධාරී නිවස්න පහසුකම්

මාණ්ඩලික නිලධාරී නිවස්නයෙහි නිලධාරීන් දෙදෙනෙකු සදහා පූර්ණ නේවාසික පහසුකම් සම්පාදනය කර ඇත

ස්ථානාධිපති නිවස්නය, විෂය භාර නිලධාරීන්ගේ නිවස්නය හා සම්පත් දායකයින් හා දේශකයින් සඳහා 08 දෙනෙකුට නේවාසිකව සිටිය හැකි සියලු පහසුකම් සහිත නිලධාරී නිවස්නයක් ද සුරාබදු විද්‍යාලය සතුව ඇත.

resident1
resident2

5. වෙනත් පහසුකම්

60 දෙනෙකුට අසුන් ගත හැකි බහුමාධ්‍ය පහසුකම් සහිත ශ්‍රවණාගාරයක්

asd
other1

25 දෙනෙකුට එකවර ප්‍රායෝගික පුහුණු පහසුකම් ලබා දිය හැකි පරිගණක විද්‍යාගාරයක්

resident3
resident4

බහුවිධ විෂයානුබද්ධ මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘශ්‍ය කෘති එකතුවක් සහිත පුස්තකාලයක්

resident5
resident6

ශාරීරික අභ්‍යාස හා ක්‍රීඩා කටයුතු සදහා විසල් ක්‍රීඩාංගනයක්

resident7
resident8


FaLang translation system by Faboba