inner banner new 2019

සුරාබදු ‍දෙපාර්තමේන්තු‍වේ නිලධාරීන්ට සංයුක්ත දීමනා ‍‍ගෙවීම.

 

චක්‍ර ලේඛ අංක : 04/2019

මගේ අංකය - ED/02/1/3

ශ්‍රී ලංකා සුරාබදු ‍‍දෙපාර්තු‍මේන්තුව

‍‍‍‍‍නො.353‍‍‍‍‍ කෝට්‍‍ටේ පාර,

රාජගිරිය

2019.05.

සියලුම සහකාර සුරාබදු ‍කොමසාරිස් වරුන්,

සියලුම සුරාබදු අධිකාරිවරුන් ‍වෙත‍ ,

සුරාබදු ‍දෙපාර්තමේන්තු‍වේ නිලධාරීන්ට සංයුක්ත දීමනා ‍‍ගෙවීම.

  1. මෙම ‍‍දෙපාර්තු‍‍‍මේන්තු‍වේ රාජකාරි ඉටු කිරීම සඳහා ගමන් බිමන් යෑම‍‍ට නියමිත වී ඇති සුරාබදු නිලධාරින්ට පහත සඳහන් විධි විධානවල‍‍ට අනුකූලව ගමන් වියදම් ‍‍ගෙවනු ලැ‍බේ.
  2. ගමනේ දුර ප්‍රමාණය සැතපුම් 07 කට වැඞි නම් රාජකාරි සදහා ගමන් බිමන් යන නිලධාරි‍යෙකුට ස්වකීය කාර්යස්ථානයෙන් පිට වී සි‍ටින කාලය ‍වෙනු‍වෙන් ඔහු‍‍ගේ ‍යැපීම් සහ නවාතැන් පිළිබඳ වියදම් පියවීම සඳහා පහත සඳහන් පරිදි දීමනා ‍ගෙවනු ලැ‍බේ.
  1. පැය 06ක‍‍ට අඞු කාල පරිච්ජේදයක් සඳහා සංයුක්ත දීමනාව ‍ගෙවනු ‍නොලැ‍බේ.
  2. පැය 06කට ‍නොඅඞු කාල පරිච්ජේදයක් සදහා සංයුක්ත දීමනාවෙන් හාගයක්(1/2) ‍ගෙවනු ලැ‍බේ.
  3. පැය 12කට ‍‍නොඅඞු කාල පරිච්ජේදයක් සදහා සම්පූර්ණ සංයුක්ත දීමනාව ‍ගෙවනු ලැ‍බේ.
  4. ගෙවිය යුතු ගාස්තු ප්‍රමාණය.රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ (20/2018) අනුව

මාසික මූලික වැටුප.                                හිමි සංයුක්ත දීමනාව

රු.32779.00 දක්වා                                             700.00

රු.32780.00 සිට 43479.00                                   800.00

රු.43480.00 සිට ඉහලට                                      1000.00

  1. ලිත් ම‍‍සක‍‍ට දින 15ක‍‍ උපරිමයකට ය‍‍ටත්ව සංයුක්ත දීමනාව ‍ගෙවනු ලැ‍බේ.‍‍ උසාවි රාජකාරි ඇතුලු සියලු රාජකාරි මෙම දින 15ට ඇතුලත්ය.(පැය 06කට නො අඞු කාල පරිච්ජේදයක් සදහා ගෙවනු ලබන අර්ධ සංයුක්ත දීමනාව දින භාගයක් ලෙස සලකනු ලැබේ.)
  2. මෙම ගමන් වියදම් ඉල්ලුම් කිරිමේදී පොදු 177 ආකෘති පත්‍රය භාවිතා කළ යුතු අතර එළඹෙන ‍මාසයේ 15 දිනට පෙර සුරාබදු අධිකාරීගේ සහ සහකාර සුරාබදු කොමසාරිස්ගේ නිර්දේශ සමග ප්‍රධාන කාර්යාලයට එවිය යුතුය.
  3. නාගරික බල මණ්ඩල සීමාව (මහනගර හෝ නගර සභා සීමාව) තුළ ගමන් වියදම් සදහා මෙම දීමනාව ගෙවනු නොලැබ්.
  4. මෙම සංයුක්ත දීමනාව2019 ව‍සරේ පමණක්, වෙන් කර ඇති ප්‍රතිපාදනයන්ට යටත්ව ගෙවීමට කටයුතු කරනු ලැබේ.
  5. මෙම චක්‍රලේඛ යටතේ සංයුක්ත දීමනා ලබා ගැනීමට නොහැකි නිලධාරීන්ට පමණක් 2011.01.03 දිනැති චක්‍රලේඛ අංක 01/2011 යටතේ පරිවර්තිත ගමන් වියදම් ලබා ගත හැකි ය.
  6. මෙම චක්‍රලේඛය 2019.06.01 දින සිට වලංගු වේ.

 

 

එච්.ජී. සුමනසිංහ

සුරාබදු ‍කොමසාරිස් ජනරාල්.

පිටපත් - විගණකාධිපති

- අතිරේක සුරාබදු ‍කොමසාරිස් ජනරාල් වරුන්

            - ප්‍රධාන අභ්‍යන්තර විගණක

          - සුරාබදු ‍කොමසාරිස් වරුන්

            - ප්‍රධාන ගණකාධීකාරි

            - නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් වරුන්

 

සුරාබදු ‍දෙපාර්තමේන්තු‍වේ නිලධාරීන්ට සංයුක්ත දීමනා ‍‍ගෙවීම



FaLang translation system by Faboba