දැක්ම
මත්පැන් හා දුම්කොළ කර්මාන්තය විධිමත්ව නියාමනය කිරීම තුළින් රාජ්‍ය ආදායම වර්ධනය කිරීම සඳහා කැප වූ වඩාත්ම ගෞරවනීය හා වගකිව යුතු රාජ්‍ය ආයතනය වීම.
මෙහෙවර
නීත්‍යානුකූල වෙළඳ ආදායම් උත්පාදනය සඳහා පහසුකම් සැලසීම තුළින් ද , ක්‍රියාත්මක කල හැකි සියලුම නීති සහ රෙගුලාසිවලට අනුකූල වීම බලාත්මක කිරීම තුලින්ද , නීති විරෝධී මත්පැන්, අන්තරායකර ඖෂධ සහ මනෝවර්තක ද්‍රව්‍ය අනිසි භාවිතයට එරෙහිව තියුණු දැනුවත් කිරීමේ වැඩසටහන් ඇති කිරීම තුළින් ද ප්‍රමිතියකට අනුකූල නොවූ මද්‍යසාර භාවිතය මගින් සිදුවන සෞඛ්‍ය උපද්‍රවයන්ගෙන් ආරක්ෂාව සහතික කිරීම තුළින් ද ආර්ථික වර්ධනයට හා සංවර්ධනයට සහය වීම සඳහා රට තුළ මත්පැන් සහ අනෙකුත් අනුමත මද්‍යසාර කාර්යක්ෂමව හා සඵලදායී ලෙස පරිපාලනය කිරීම.
අරමුණු
- උපායමාර්ගික, මෙහෙයුම් සහ උපායික මට්ටම්වලදි ඵලදායි තීරණ ගැනීමට සහාය වීම සඳහා ආයතනික දර්ශනයක් ලෙස අනුකූලතාවය වැඩි දියුණු කිරීම සහ අවදානම් කළමනාකරණය කිරීම තුළින් ආදායම් එකතු කිරීම උපරිම කිරීම.<.li>
- ආදායම උපරිම කර ගැනීම අරමුණු කරගත් දැනුම අඛණ්ඩව හුවමාරුකර ගැනීම මගින් අදාළ නීතිවලට පාර්ශවකරුවන්ගේ අනුකූලතාවය ඉහළ නැංවීම තුළින් වෙළඳාම සඳහා පහසුකම් සැපයීම.
- මත්පැන් සහ දුම්කොළ ආදායම පාලනය කිරීම සහ පහසුකම් සැපයීම අතර ඇති සමතුලිතතාවය ළඟා කර ගැනීම සඳහා මූලික වන අවදානම් කළමනාකරණ මූලධර්ම ඵලදායී ලෙස යෙදීම.
- සුරාබදු එකතු කිරිමේදී අවංකභාවය සහ කාර්යක්ෂමතාවය කෙරෙහි මහජන විශ්වාසය පවත්වා ගෙනයාම.
- මත්පැන් නිෂ්පාදනය හා විකිණීම, පරිපාක ස්ප්‍රීතු, ස්වභාවය වෙනස් කල ස්ප්‍රීතු සහ වෙනත් අනුමත මත්ද්‍රව්‍ය නියාමනය කිරීම.
- නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව තිරසාර මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ දැනුවත් කිරීම් සිදු කිරීම.
- නීති විරෝධී ස්ප්‍රීතු ආසවනය හා බලපත්‍ර රහිතව රහසිගතව සිදු කරන ස්ප්‍රීතු ආසවනය වැළැක්වීමට නීති, රීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම.
- අඛණ්ඩ පුහුණුව හා සංවර්ධනය තුළින් ප්‍රමාණවත් වෘත්තීය හා තාක්ෂණික කාර්ය මණ්ඩලයක් සිටින බව සහතික කිරීම සඳහා සේවකයින්ගේ හැකියාවන් සහ ධාරිතාවය වර්ධනය කිරීම.
- උපරිම තෘප්තිමත්භාවයකින් හා මනා පුහුණුවකින් යුතුව සේවයට කැපවුණ කාර්යය මණ්ඩලයක් පවත්වා ගෙන යාම.
- මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සහ මත්ද්‍රව්‍ය සහ මනෝවර්තක ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම වැළැක්වීම.
- විෂ මත්ද්‍රව්‍ය හා විෂ මත්පැන් වෙළඳාම පිටු දැකීමට කටයුතු කිරිම හා ඒවා භාවිතයෙන් මහජනයා ආරක්ෂා කර ගැනිම.
- මුදල් අමාත්‍යාංශය හා අනෙකුත් බාහිර ආයතන සමඟ මනා සම්බන්ධතාවයකින් සහ කාර්යක්ෂම බදු ක්‍රමයක් පවත්වා ගෙන යාම