විශේෂ මෙහෙයුම් ඒකකය
සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ සෘජු අධීක්ෂණය මත සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) යටතේ මෙම ඒකකය පාලනය වේ. සුරාබදු අධිකාරීවරයෙකු යටතේ ප්‍රධාන සුරාබදු පරීක්ෂකවරයෙක් සහ සුරාබදු පරීක්ෂකවරුන් 5 දෙනෙකු ඇතුළුව අනෙකුත් නිළධාරීන් 15 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් මගින් මෙම ඒකකය ක්‍රියාත්මක වේ. දිවයින පුරා ඇති සුරාබදු ස්ථාන වලට අමතරව දිවයිනේ ඕනෑම ස්ථානයක සිදුවන ඕනෑම ආකාරයක සුරා අපරාධයන් ග්‍රහණය කිරීමේ හා පාලනය කිරීමේ වගකීම මෙම ඒකකය මගින් දරනු ලබයි.
මත් ද්‍රව්‍ය නාශක අංශය
සුරාබදු මත්ද්‍රව්‍ය නීතිය බලාත්මක කිරීමේ ඒකකය විෂ වර්ග, අබිං හා අන්තරායකර ඖෂධ ආඥා පනත යටතේ නීතිය බලාත්මක කිරීම සඳහා පිහිටුවා ඇත.