inner banner new 2019

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය සඳහා විවිධ තනතුරු හා නිලයන්ට අදාලව බඳවාගනු ලබන නවක නිලධාරීන්ගේ දැනුම ආකල්ප හා කුසලතා ප්‍රවර්ධනය කිරීම හා සේවයේ නියුතු නිලධාරීන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම අරමුණු කරගත් පුහුණු වැඩසටහන් සම්පාදනය කොට ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකා සුරාබදු විද්‍යාලයේ ප්‍රමුඛතම කාර්යභාරයයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු පරීක්ෂක, සුරාබදු නියාමක හා සුරාබදු රියදුරු යන තනතුරු සදහා වන නවක බදවාගැනීම්වලට අදාළ පුහුණු පාඨමාලාවන් හා මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සා සෙසු නිළයන් සදහා අවශ්‍ය සේවාස්ථ පුහුණු පාඨමාලාවන් සැලසුම් කිරීම හා පවත්වාගෙන යාම ශ්‍රී ලංකා සුරාබදු විද්‍යාලයේ දී සිදු කෙරේ.

65
hf

ශ්‍රී ලංකා සුරාබදු විද්‍යාලයේදී පවත්වනු ලබන ආධුනික පුහුණු පාඨමාලාවන් හදාරා ඉන් සාමර්ථය ලබන පුහුණුවන්නන් අනතුරුව විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වෙන ආචාර පෙළපාළියකින් ද සමන්විත විසිරයාමේ මහෝත්සවයකින් පසු සුරාබදු මූලස්ථානය ඇතුළු දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන, සුරාබදු විශේෂ ඒකක හා ප්‍රාදේශීය කාර්යාල වෙත අනුයුක්ත කරනු ලැබේ.

excise මීට අමතරව දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ වාර්ෂික පුහුණු අවශ්‍යතා සපුරාලීම සදහා තෝරාගත් විෂය ක්ෂේත්‍ර යටතේ අභ්‍යන්තර හා බාහිර සම්පත් දායකයින්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන පාඨමාලා රාශියක් ශ්‍රී ලංකා සුරාබදු විද්‍යාලයේ දී ක්‍රියාත්මක වේ.

ආයතනික පුහුණු අවශ්‍යතාවයන් මනාව සැලකිල්ලට ගනිමින් සුරාබදු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් අංශය සමග එක්ව වඩාත් නව්‍යාත්මක හා ගුණාත්මක පුහුණු පාඨමාලා සැලසුම් කිරීමත් අභ්‍යන්තර සම්පත්දායකයින් හා බාහිර ආයතනයන්ගෙන් තොරා ගන්නා ලද ප්‍රවීණ දේශක මණ්ඩලයක් සමග නිසි සම්බන්ධිකරණයකින් යුක්තව පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීමත් සුරාබදු විද්‍යාලය මගින් සිදු කෙරේ.



FaLang translation system by Faboba